Archive for August, 2009

You are currently browsing the තරුණ ගුරුවරයකුගේ සටහන්(A young teacher’s thoughts). weblog archives for August, 2009.

මලක් උනේ ඇයි නුඹ මට……..

මලක් උනේ ඇයි නුඹ මට….
ජීවිතයට සුවඳ සලන
එනමුදු සිපගන්නට තහනම්
විලක් උනේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දියදෝතක් බොන්නට තහනම්
පහන් තාරකාවක් සේ..
ජීවිතයට මඟ කීවද
ඒ එලියේ මහද පවන් දල්වනු කෙලෙසින්
කියන්න….
සහන් ගීතිකාවක් සේ…
ජීවිතයයේ ගිම් නිව්වද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙකෙලෙසින්
කියන්න….

අපේ වාර්ෂික චාරිකාව…..

ඉස්කෝලෙන් ගිය වර්ෂික චාරිකාව කරදරයකින් තොරව සම්පූර්ණ කරන්න පුළුවන් උනා.ඒ ගමනෙදි හදිසියෙන් ගොඩ උන තැනක මේ කවි ටික තිබුනා.
ඉරැණු රෙද්ද මහලා පොරවන්න        එපා
මැරැණු මිනිය වත්තේ වළලන්න        එපා
ඇරැණු දිගෙ නැවතත් පා තබන්න       එපා
කරැණු නැතුව කී දේ පිළිගන්න           එපා
ඉල්ලන සියළු දේ දරැවන්ට දෙන්න    එපා
කිළිටි ඇදුම් ඇදු පාරට ගන්න              එපා
බොරැ කියලා දරැවන් රවටන්න          එපා
දරැවන් ඉදිරිපිට අනුනට බනින්         නෙපා
හිස් [...]

ඉස්කෝලේ නිවාඩු

කා‍ලෙකට පස්සේ හිතට නිදහසක් ලැබුනා.ඉතිං ලියන්න ගොඩාක් අවශ්‍යවෙලා හිටිය දේවල් ටිකක් ලියන්න හිතුවා. ඉස්කෝලේ නිවාඩු දුන්නට අපට නම් නිවාඩු නෑ. ඉස්කෝලේ දවස් වල පස්සට දාපු වැඩ ටික ඉවරයක් කරන්නත් එපායැ ඉතිං..ඉස්සෙල්ලම ධනිෂ්කට ස්තූති කරන්න ඕන. අපට විවෘත මෘදුකාංග පුහුණුවක් දුන්නට. අනේ එයාලට තියෙන කැපවීම අපේ අනික් ලොකු පුටු වලටත් තිබුනානං රට දියුණු කරණ එක කජ්ජක්ද [...]