අපේ වාර්ෂික චාරිකාව…..
ඉස්කෝලෙන් ගිය වර්ෂික චාරිකාව කරදරයකින් තොරව සම්පූර්ණ කරන්න පුළුවන් උනා.ඒ ගමනෙදි හදිසියෙන් ගොඩ උන තැනක මේ කවි ටික තිබුනා.
ඉරැණු රෙද්ද මහලා පොරවන්න එපා
මැරැණු මිනිය වත්තේ වළලන්න එපා
ඇරැණු දිගෙ නැවතත් පා තබන්න එපා
කරැණු නැතුව කී දේ පිළිගන්න එපා
ඉල්ලන සියළු දේ දරැවන්ට දෙන්න එපා
කිළිටි ඇදුම් ඇදු පාරට ගන්න එපා
බොරැ කියලා දරැවන් රවටන්න එපා
දරැවන් ඉදිරිපිට අනුනට බනින් නෙපා
හිස් අතකින් පිට ගෙයකට යන්න එපා
හිත් රිදෙනා යමක් එහි පවසන්න එපා
දෙන්න බැරි යමක් ඔබ ඉල්ලන්න එපා
හිත් නෙහෙදින් ඉන් ආපසු එන්න එපා
හිතමි දෙන දෙයක් නොසිතා ගන්න එපා
ඇමක් දෙන්නේ ආදරයයි සිතන්නේඑපා
ඇගේ හයිය ගැන විතරක් සිතන්නේපා
සැලසුම් නැතුව ජය ගන්නට සිතන්නේපා
ජයක් ලැබුන විට අහසින් යන්න එපා
පරාජයේදී තටු පොරවා ගන්න එපා
උඩට නැංග ඉනිමග පෙරලන්න එපා
තරණය කල ඔරැව කරනල ගන්න එපා
හිමිදිරියේ අත් පෙරවා ගන්න එපා
මිද්දනනේ ගිනි අව්වේ ලගින්නෙපා
හැන්දෑවේ මද අදුරේ බලන්නෙපා
පමණ නොදැන වැඩිපුර වෙහෙසෙන්න එපා
අපිරිසිදු ජලය කිසිවිට බොන්න එපා
මුහුදේ ගගේ නෑමට බිය වෙන්න එපා
නොගැඹුරැ දියේ කිඹුලන් ගැන සිතන්නෙපා
නොදන්න දියේ නන්නයන්න එපා
දෙවියන් ඇතයි හැම විට මොර දෙන්න එපා
අනතුරකදි දෙවි පිහිටක් හොයන්නෙපා
වැටුණු විටදි වෙර විරීය හරින්නේපා
උඩ පැන පැන සතුටෙදී දගලන්න එපා