අළුත් පාසල් වාරය…..
අළුත් පාසල් වාරය පටන් ගන්නේ අද.මේ වාරේ ගොඩාක්ම වැදගත් සාමාන්‍ය පෙළ දරැවන්ට.දයාබර දරුවනේ වෙන කවදාටත් වඩා ඉගෙන ගන්න එකේ වටිනාකම අද අපි ජීවත් වෙන වට පිටාවට කියලා නිමකරන්න බෑ.කොයි අතේ බැලුවත් පුහු බොල් මිනිස්සු
ඔයාලාගේඅනාගතේ කනවා.සංසාරෙ කරපු පව් නිසා
ඔයාලා හොඳ නරක විදියට දකිනවා.
අද ඉඳලා පටන් ගත්තොත් විභාගේ ගොඩ යන්න පුළුවන්.දෙමාපියන් ඔයාලා අවුරුදු 11ක් ඉස්කෝලේ එවලා බලාපොරොත්තු වෙන්නේ මොනාද කියලා අමතක කරන් එපා.
පිරිමි දරැවන්ට විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා.කවදාටත් වඩා උනන්දුවෙන් ඉගන ගන්න වැඩටික කරන්න රත්තරං පුතේ.අද දවස වෙනකොට ඔයාලාගේ අවශ්‍ය තාවය රටටම දැනෙනවා.දවසක අද තාත්තා ඉන්න තැනට ඔයාට එන්න වෙනවා.ඒක සර් අද කිව්වා කියලා මතක තියා ගන්න.ඔයාට හොඳින් පාස් වෙන්න පුළුවන්.මට විශ්වාසයි.
දයාබර දුවේ කවදාටත් වඩා හැදිච්චකම අද අපේ රටේ බහුතරයක් කාන්තාවෝ ලඟ අහලකවත් නෑ.ඒවා දැක දැක පුතාත් නරකටම යන්න එපා.අදින් පටන් ඇරන් විභාගය හොඳින් පාස් වෙන්න හිතට ගන්න.ඔයාට හොඳින් පාස් වෙන්න පුළුවන්.මට විශ්වාසයි.