අදට (06 වැනිදා) යෙදෙන ගුරු දිනය නිමිත්තෙන

දෙවියෝ ගුරුවරයා නිර්මාණය කරමින් සිටියෝය. ඒ දෙවියන් නිර්මාණකරණයේ යෙදුන අතිශයින් වෙහෙසකර වූ සය වැනි දිනය විය. ලාබාල කුඩාවුන්ගේ ජීවිත කෙරෙහි කෙළින්ම බලපාන ගුරුවරයා නිර්මාණය කිරීම තමන් වෙත මෙතෙක්‌ පැවරුන අති විශාල වූ වගකීම බව දෙවියෝ දැන සිටියහ.

“මේ පිළිමය නිර්මාණය කිරීමට ඔබට බොහෝ කල් ගත වුණා”.

හදිසියේම දෙවියන් ඉදිරියේ පෙනී සිටි දේවදූතයා සිය කටහඬ අවදි කළේය.

“ඔබ නිවැරැදියි. නමුත් ඔබ දුටුවාද මේ පිළිමය නිර්මාණයේදී ගුරුවරයා වෙනුවෙන් ඉදිරිපත් කර ඇති පිළිවෙත් මොනවාද කියා?

“ශිෂ්‍යයන් සමග ඔවුන්ගේ තලයේම ජීවත් වෙමින් ඔවුන්ට ඉහළිsන් තීරණ ගැනීමට හැකි විය යුතුයි.

තමන් උගන්වන විෂයට සම්බන්ධ නැති වෙනත් කාර්යයන් 180 ක්‌ කළ හැකි විය යුතුයි.

තේ කෝප්පයකින් හෝ ඉතිරි වූ කෑමකින් වේල පිරිමසා ගත හැකි විය යුතුය.

සියලුම ශිෂ්‍යයන් සමග මනා දැනුමකින් දෛනිකව සන්නිවේදනය කළ හැකි විය යුතු අතර එය බොහෝ වේලාවට නිවැරැදි විය යුතුයි.

තමන් කෙරෙහි වැය කරන කාලයට වඩා අනුන් කෙරෙහි වැය කරන කාලය වැඩි විය යුතුයි.

වැටුප් කප්පාදුවකදී මෙන්ම ගැටලු සහගත දරුවන් සහ කණස්‌සල්ලට පත් දෙමව්පියන් ඉදිරියේදී සිනහ මුසු මුහුණෙන් සිටිය හැකි විය යුතුයි.

තමන් ගන්නා සෑම නව පියවරක්‌ පිළිබඳ දෙමව්පියන්ගේ දැඩි අවධානය යොමු වන අතර තුර මෙන්ම සෙසු අය කිසිදු සහායක්‌ නොදක්‌වන අවස්‌ථාවන්හිදී නොනවත්වා ඉගැන්වීම සිදු කළ යුතුයි. අත් යුගළ සයක්‌ තිබිය යුතුයි.”

දෙවියෝ සියල්ල ඉදිරිපත් කළහ.

“අත් යුගළ හයක්‌? එය අපහසුයි” දේව දූතයා පැවසීය.

“හොඳයි…. අත් නොවෙයි ගැටලුව. ඇස්‌ යුගළ තුනක්‌ ස්‌ථානගත කිරීමයි වඩාත් දුෂ්කර තත්ත්වයට මා පත් කරන්නේ” දෙවියෝ පැවසූහ.

“ඇස්‌ යුගළ තුනක්‌· ප්‍රමිතියකට නිම වූ මෙවන් ආකෘතියක?” දේව දූතයාගේ බැල්ම සැකමුසු විය.

“අන් අය ශිෂ්‍යයා දකින ආකාරයට නොව ශිෂ්‍යයාගේ යථා ස්‌වභාවය ඇති සැටියෙන් දැකීමට එක්‌ ඇස්‌ යුගළකට හැකියාව ඇත. පෙනෙන්නට නැති නමුත් දැනගත යුතු දේ
දකින්නට හැකි වන අනෙක්‌ ඇස්‌ යුගළ පිහිටන්නේ ගුරුවරයාගේ හිසෙයි පිටුපසය. දරුවා දෙස කෙළිsන්ම බැලිය හැකි ඇස්‌ යුගළ පිහිටන්නේ ඉදිරිපසය. මට ඔබ පිළිබඳ අවබෝධයක්‌ තියෙනවා, මගේ සිත තුළ ඔබ ගැන විශ්වාසයක්‌ තිබෙනවා යන්න ඉන් පරාවර්තනය විය
යුතුය.”

“දෙවියනි, එය විශාල ව්‍යාපෘතියක්‌. මට හිතෙනවා ඔබට හෙට වනතුරුම වැඩ කරන්න වේවි”. දේව දූතයා සිය අදහස්‌ ඉදිරිපත් කළේය.

“එසේ කළ නොහැකියි. මවිසින් නිර්මාණය කළ මෙම ප්‍රතිමාව බොහෝදුරට මට සමානයි”.

අසනීපයෙන් පෙළෙමින්ම පාසලට පැමිණිය හැකි ඉගෙන ගැනීමට අවශ්‍ය නැති ළමුන් සිටින පන්තියකට ඉගැන්විය හැකි

තමන්ගේ නොවන දරුවන් කැලකට තම හදවතේ තැනක්‌ වෙන් කළ හැකි

දුෂ්කරතාවන්ගෙන් පෙළෙන අයගේ ගැටලු අවබෝධ කර ගත හැකි

ශිෂ්‍යයා ඇපකරුවකු මෙන් නොසැලකිය හැකි”

දෙවියෝ සවිස්‌තරාත්මකව විස්‌තර කළහ.

“එහි හදවත අත්‍යන්තයෙන්ම මෘදුයි”

දෙවියන් විසින් අඹමින් සිටි ප්‍රතිමාව දෙසට ළං වූ දේව දූතයා ඒ දෙස විමසිල්ලෙන් බලමින්ම පැවසීය.

“එසේය නමුත් එය දැඩියි. මෙම ගුරුවරයාට කළ හැකි දෙය සහ ඔහුගේ ඔරොත්තු දීමේ ශක්‌තිය පිළිබඳව ඔබට සිතේ මවා ගන්නත් අපහසු වේවි” ඒ දෙවියන්ගේ හඬයි.

“මෙම ගුරුවරයාට සිතන්නත් පුළුවන්ද?” දේව දූතයා වචනයට නැඟි ඊළඟ පැනය එය විය.

“සිතන්න විතරක්‌ නෙවෙයි. කරුණු ඉදිරිපත් කරන්නත් පුළුවන්. එමෙන්ම සියල්ල සාමදානයෙන් විස ගන්නත් පුළුවන්.” දෙවියෝ සිය නිර්මාණය පිළිබඳව අදහස්‌ ඉදිරිපත් කළහ.

ප්‍රතිමාව දෙසට තවත් සමීප වී ගුරුවරයාගේ කම්මුල් සෙමින් පිරිමැදි දේව දූතයා මෙසේ පැවසීය.

“එසේය දෙවියනි, ඔබේ නිර්මාණය අතිශයින් විශිෂ්ටයි. නමුත් මා ඔබට පැවසූ ආකාරයටම ඔබ මේ වෙනුවෙන් වෙහෙස වී වැඩියි. මෙතැන කාන්දුවීමක්‌ තිබෙනවා. ගුරුවරයා මුහුණ දෙන පීඩනය පිළිබඳ ඔබට සිතීමත් අපහසුයි.”

ප්‍රතිමාව වෙතට ළං වූ දෙවියෝ ගුරුවරයාගේ කම්මුල මත ආලෝකවත්ව දීප්තිමත්ව දිලිසෙමින් තිබූ පිනි බිඳුව පිස දැමීය.

“එය කාන්දුවීමක්‌ නොවේ. එය කඳුළු බින්දුවක්‌”

“කඳුළු බින්දුවක්‌, කුමක්‌ද? කඳුළු බින්දුවක්‌ කුමකටද?”

“ඉතාම කුඩා කාර්යයකින් දරුවකු සතුටු වනු දැකීමෙන් හට ගන්නා සතුට සහ ආඩම්බරය විඳ දරා ගැනීමට.

හුදකලාවම වැඩුණු දරුවන් ගත කළ දුෂ්කර ජීවිතය වෙනුවෙන් නැගෙන සිතුවිල්ලට සහ ඔවුන්ගේ දෙමවුපියන් වෙනුවෙන් ඇතිවූ හැඟීම දරා ගැනීමට.

සමහර දරුවන්ට පිහිට වීමට නොහැකි වීම නිසා ඇතිවන හැඟීම සහ එම දරුවන් තුළ ඇතිවන ඉච්ඡා භංගත්වයට පිහිටක්‌ වීමට නොහැකි වීම නිසා ඇතිවන හැඟීම දරාගැනීමට. පුරා වසරක්‌ තමන් සමග සිටි පන්තියේ දරුවන් ඉහළ පන්තියට සමත් වන අවස්‌ථාවේදී
සහ තමන් වෙත පැමිණෙන අලුත් පන්තියේ සාමාජිකයන් පිළිගන්නා අවස්‌ථාවේදී මේ කඳුළු බිංදුව මතුවේවි”.
“දෙවියනේ, මේ කඳුළු බින්දුව නම් ශේ්‍රෂ්ඨ අදහසක්‌…. ඔබ නම් අති දක්‍ෂයෙක්‌.”
දේව දූතයා පැවසීය. දෙවියන්ගේ පෙනුම දුක්‌මුසු විය.
“ඒ කඳුළු බින්දුව එතැන තිබ්බේ මා නොවෙයි”.

*අන්තර් ජාලයේ ඉංගී්‍රසි ලිපියක්‌ ඇසුරෙනි.



No Responses to “අදට (06 වැනිදා) යෙදෙන ගුරු දිනය නිමිත්තෙන”

No comments yet

Leave a Reply