ඔබට සුභ අනාගතයක්.

ළමයකුට සිය ලමා කාලයේදී පාසල තරම් තවත් තැනක් ඇතිදැයි මා නොදනිමි.තම නිවස හැරුනුකොට ළමයෙක් වැඩියෙන්ම ප්‍රිය කරණුයේ පාසලට යැයි මම සිතමි.ළමා කාලය පාසල් කාලය පුරාවටම පවතින බව මා සිතමි.පහ චසර ශිෂ්‍යයාත් 13 වසර ශිෂ්‍යයාත් පාසලක සම අයිතිවාසිකම් ඇති අය වෙති.පාසලේ විෂයය මෙන්ම විෂය භාහිර වැඩ කටයුතු ළමා පෞර්ෂ වර්ධනයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.‍
මෙපමණ විස්තරයක් කියන්නට වූයේ සා.පෙළ ඉවරවූ පසු ළමුන් පාසල ගැන දරන ආකල්පය ගැන වචනයක් කීමටය.කවදා හෝ කෙදිනක හෝ සත්‍යට පිටුපාන්නට බැරි බව මා තරයේ විශ්වාස කරමි.එසේම තම පාසලේ කටයුතු දේ තම මව් තැන්හි තබා කටයුතු කරණා සිසුන් හට එහි ප්‍රතිඵලය රන්මුවා තිළිනයක් ලෙස දිනෙක ඔබට ලැබෙනු ඇත.මධුෂිකා,සිසිර,මනෝජ්, ඔබට සුභ අනාගතයක් යැයි මම ප්‍රාර්ථනා කරමි.



One Response to “ඔබට සුභ අනාගතයක්.”


  1.   

    මමත් එ වගේ සර්ගේ ආශිර්වාදය ලබා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා

    සර් සිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා මම පතනවා

    මම නිසංසලා මදුවන්ති
    11 වසර

Leave a Reply