වැරදීම මිනිස් ගතියක් බවත් සමාව දීම දේව ගතියක් බවත් කියැවේ.නමුත් සමාව ළමයෙකු නරක් කරයි නම් ඔහුට හෝ ඇයට සමාව කැප වන්නේ කුමන පදනම යටතේ දැයි මම ප්‍රශ්න කරමි.එම නිසා කනගාටුවෙන් උවත් කිව යුත්තේ ඔබට වෙනස් විය යුතු බවයි.
පාසල හා එහි කටයුතු මට මාගේ ආත්මය වැනි බව ඔබ දන්නවා ඇතැයි සිතමි.මට ඔබද එසේ වනවා දැකීමේ දැඩි ආශාවක් ඇත.මා දකිනා දර්ශීය ශිෂ්‍යකු ඇත.ඔබ සියලු දෙනාම එසේ වනවා දැකීම මාගේ එකම පැතුමයි.එම පැතුම වෙනුවෙන් දවසට පැය අටක් වන රාජකාරී ක්‍රමයෙන් මිදී දවස පුරාම පාසලේරැඳී ඉමි.ඔබට අවශ්‍ය තැනදී මගෙන් වියයුතු සියලු යුතුකම් ඉටුකර ඇත්තෙමි.ඒ ගැන ගැටළු ඇති බවක් මා නොසිතමි.නමුත් පාසලට එබෙන් ඉටුවිය යුතු යුතුකම් ඔබ පැහැර හැරි මුල් මෙහොතේම ඔබ ගැන මා දරන මතය වෙනස් වනු ඇත.එය ඔබ සියලු දෙනාටම පොදුවේ.
පාසලකින් ඔබ ඉගෙන ගන්නේ පොත පත පමණක් නොවේ.නීතිගරැක වීම,සහයෝගයෙන් වැඩකිරීම,අන් අයට උපකාර කිරීම ඔබ ඉගෙන ගන්නා දෙයින් කිහිපයක් පමණි.මේ හැම දේටම වඩා වගකීමක් දැරීමට ඔබ ඉගෙන ගන්නේ පාසලෙන්ම බව උදක්ම කියමි.මේ දෙව්ල් බොහොදුරට නොදැනුවත්වම ඉගෙන ගන්නා දේ බව මා සිතමි.ඉතිං පාසල් ගොස් වැඩක් නෑ කියන්නේ කුමන පදනමකින්ද???මෙහි ඔබට තොවිල් නැටීමට හෝ ඔබ කැමති ආකාරයට හැසිරීමට ඉඩක් නැත.ඒ සඳහා ඔබ කැමති ටියුෂන් කඩයක් තෝරා ගැනීම වඩාත් සුදුසු වන්නේ තවමත් කොන්දක් ඇති ගුරුවරු ඉන්නා බැවිනි.
ඉතිං කැමති අය එන්න.ඇවිත් උපරිමයෙන් ගැනීමට ඇති දැනුම ගන්න.ප්‍රශ්න ගේට්ටුවෙන් එලියේම තබා එන්න.ඉගෙන ගන්න ඉගෙන ගන්න.ගූගල් හා උපරිමයෙන් වැඩ කරන්න.මට මගේ සිහිනය දකින්නට ඉඩදෙන්න.ඔබට මට කෘතගුණ දැක්වියහැකි එකම ක්‍රමය ළමයකු වී මෙහි සිටීමයි.අමතක වේ නම් ලියාතියා ගන්න.
batuwangalamahavidyalaya posted this entry on Friday, January 15th, 2010 at 2:40 pm.
Posted in the category About
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
Posting your comment.
Leave a Reply
January 15th, 2010 at 4:05 pm
සර් මම හිතන්නෙත් පාසල තමයි හොදම තැන කියලා.මම නම් කියන්නේ පාසලෙන් වැඩක් නෑ කියන ළමයිට තමයි අන්තිමට පාසල ඕන වෙන්නේ කියලා. එදාට සර්ට සතුටු දවසක් වෙවී.I wish you all the best sir.