දහසක් පැතුම්…..

ජීවිතේ ජීවත් කරවන්නේ බලාපොරොත්තු. අපි කෙච්චරක් දුරට ඒක පිළිගන්නවද කියලා කියන්න නං මං දන්නේ නෑ. පහුහිය මාස කීපය හිත තිබුනේ වෙහෙසකර වැඩ ගොඩක හිරවෙලා. ඉවසීමත් ටිකක් විතර අඩුවෙලා තිබුනා. පපුවෙන් කෑල්ලක් කැඩිලා ගියා කියලා හිතිලා තිබුන වෙලාවල් තිබුනා. ගුරුපත්වීම අරං පලවෙනි පාරට එකදිගට දවස් 11 ක් ඉස්කෝලෙන් ඈත් වෙලා ඉන්න උනා.ඒ තරං වේදනාවක් තවත් නං තිබුනේ නෑ. ලැබ් එකේ විදුලි බිල ගෙවා ගන්න බැරුව අපට විදුලියත් නැති උනා.ළමයි ටිකටත් නිවාඩුවක් ගන්න කියලා ඔක්කෝම වැඩ වලින් අයින් වෙලා තමයි හිටියේ.
කාලය ඔක්කෝම ප්‍රශ්න විසදනවා කිව්වට ඒක එහෙම නෙවෙයි. අපේ ප්‍රශ්න විසදලා දෙන්න කාලයට බාරදෙනවාට වඩා අපිම විසදගන්න එක හිතට පුදුම සහනයක් ගෙනත් දෙනවා. අනික කාලය කරන්නෙත් කාලය කන එක විතරයි. අවුල් එහෙමමයි. 2006 මගේ ජීවිතේ හරි මූසල අවුරැද්දක්. දරුණු පලි ගැනීම්, රැවටීම්, පාවා දීම් එක්ක ජීවිතේ ගෙවිලා ගියේ. කොහොම හරි පපුව ආපහු අලුත් උනා. උනා නෙවේ කෙනෙක් කලා. ඊ‍ට කලින් තිබ්බ සතුට හිතේ තියං මං ඊයේ රෑ නින්දට ගියේ. උදේම ඇහැරිලා නංගිට කොල් එකක් ගත්තාම කීවෙත් අයියා අවුරැදු ගානතින් සතුටෙන් ඉන්නවා දැක්කා කියලා. මාමේ ගෙදර එන්න කියලා අඩන නවීන් එක්ක නංගිගේ ජීවිතේ ගෙවෙන හැටි ගැන අමුතු සතුටක් හිතට ආවා.

hopeමං දැං ආපහු බලාපොරොත්තුවක් ගැන අලුත්,නැවුම්  හීන දකිනවා. මේ අද ඉන්න හිතේ සතුට කව්රැ හරි හොරෙන් ගෙනියයිද මං දන්නේ නෑ. ඒක එහෙම වෙන්න එපා කියලා මං පලවෙනි වතාවට ජීවිතේටම ප්‍රාර්ථනා කරනවා.

පහුගිය ටිකේ අම්පාරේ මගේ හොදම යාළුවගේ සහෝදරයාගේ විවාහය සිද්ද උනා. කොලේජ් එකේ ඉන්නකොට තිබුන බැදීමක්. දැං එකම යාවවා එයා.එතනදී මුන ගැහුන අංකල් කෙනෙක් කතා කරකර ඉන්න ගමන් කවියක් කිව්වා.

අහසක් උසට ගිනි කද ජීවනයේ                           ගහේ
දහසක් පැතුම් තිබුනත් මොහොතකදී                නැහේ
රහසක් කියන්නම් නොකියා බැරිම                      පහේ
මොහොතක් උවත් ඔබ නොදැකලා සිටිය      නොහේ

වෙනස් වෙන්නේ චරිත සහ කාලය විතරයි කියලා තමයි හිතෙන්නේ. සිද්ධි හැම එකම එක වගේ. ඉතිං ආපහු ලොකු ගමනක් යන්න අදින් පටන් ගන්න වෙනවා. කැමැත්තෙන්ම පටන් ගන්න මං ආසයි.



4 Responses to “දහසක් පැතුම්…..”


  1.   

    sir mekata thawa adahas tikak awanam thawa hadai.thawa me wage dewal liyanna.


  2.   

    සර් බලාපොරොත්තු වන දහසක් පැතුමි සියල්ලම ඉටුවෙන්න යැයි කියා මම ප්‍රාර්ථනා කරනවා. I WISH YOU ALL THE BEST sir.


  3.   

    නිවැරදි කිරීම!
    කලින් comment එක පොඩ්ඩක් අවුල් ගිය නිසා ඒක අනුමත් නොක‍ර මේක අනුමත ක‍රන්න :)

    සර්…
    ලියද්දි, type ක‍රද්දි FULL STOP (.) එකට පස්සෙන් SPACE ( ) එකක් තියන්න අමතක ක‍රන්න එපා. COMMA (,) වලදිත් එහෙමයි, ඒත් කොමා වලදි නැවතීමේ තිතේදි වගේ හැම තිස්සෙම හිස් තැන් අවශ්‍ය නෑ.
    එතකොට වාක්‍ය දෙක වෙන් වෙලා පහසුවෙන් වෙන් වෙලා පේනව. කියවද්දි ඇහැටත් පහසුයි. පේළි බෙදෙද්දිත් එහෙමයි.

    අනික සම්මත ක්‍රමයත් ඒකයි :)

    සර් ඔහොම ලියන නිසා ගෝලයොත් ඒ විදිහ පුරුදු වෙලා :(
    nimesha chathurangani ගෙ comment එකෙත් වාක්‍ය දෙක වෙන් ක‍රල නෑ

    අනික තමයි ඡේදයක් ඉව‍ර වෙලා නැවතීමේ තිත තියන්නෙ නෑ. ඒත් ඒක නම් එච්ච‍රම වැදගත් නෑ. ගොඩක් අය ඒක කඩ ක‍රනව. හ‍රියට නමක මුලකුරු ලියද්දි අන්තිම අකුරට තිත තියන්නෙ නෑ වගේ තමයි

    පිළිගත් ක්‍රමය A.B.C Perera කියල ලියන එක උනත් A.B.C. Perera කියලයි ගොඩක් අය ලියන්නෙ. අලුත් විධි වලදි නම් ABC Perera, A B C Perera කියලත් ලියනව

    “කොලේජ් එකේ ඉන්නකොට තිබුන බැදීමක්.දැං එකම යාවවා එයා”
    මෙහෙම තියන එක Wrap වෙද්දි
    “කොලේජ් එකේ ඉන්නකොට තිබුන බැදීමක්.දැං
    එකම යාවවා එයා” මෙහෙම වෙලා පේනව
    හිස් තැන තිබ්බ නම්
    “කොලේජ් එකේ ඉන්නකොට තිබුන බැදීමක්.
    දැං එකම යාවවා එයා” මෙහෙමයි වෙන්නෙ. පැහැදිලියි :)

    ජය වේවා!…


  4.   

    sirge dahasak pathum itu wenna kiyala mama prarthana karanawa.

Leave a Reply